පාකිස්තානයේදී ශ්‍රී ලංකාවට කික් බොක්සිං රන් පදක්කම් 9ක්

පාකිස්තානයේ ලාහෝර් නුවරදී පසුගියදා නිමාවට පත් වූ තුන්වැනි ශ්‍රී ලංකා – පාකිස්තාන ජාත්‍යන්තර ස්වාට් කික් බොක්සිං ශූරතාවලියේදී රන් පදක්කම් 9ක් සහ රිදී පදක්කම් 4ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. දකුණු ආසියා ස්වාට් කික් බොක්සිං සම්මේලනය සහ පාකිස්තාන ස්වාට් සම්මේලනය එක්ව සංවිධාන කළ මේ ශූරතාවලියේදී කන්නසාමි ඩිලක්ෂනී, අබ්දුර් රෂීඩ්, ශ්වේතා සමරවීර, ලක්ෂානී ලංකා, මලිඳු තිලකරත්න, චලනි වීරසිංහ, ප්‍රාර්ථනා දිසානායක, ලංකා රත්නායක සහ ප්‍රසාද් වික්‍රමසිංහ රන් පදක්කම් දිනා ගත් අතර, තශිනී වීරසිංහ, සිනලි සිතාරා, නයනා ලක්ෂිකා සහ විනුරි දිතාරා රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

Leave a Reply

Your email address will not be published.