ජනපති,අගමැති ඉවත් නොවුනොත් රටපුරා හර්තාල්

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, ඒ්කාබද්ධ ජනතා ව්‍යාපාරය ජූලි අද10) කොළඹ දී රැස්විය. ගෝඨා- රනිල් කුමන්ත‍්‍රණවලට එරෙහිවත් කොන්දේසි විරහිතව ගෝඨා-රනිල් වහා ඉවත්විය යුතු බවත් අඩුම මාස 3ක හා උපරිමය මාස 6 කට යටත් භාරකාර රජයක් යටතේ ජනතා ගැටළු විසඳමින් නව ජනමතයක් හරහා නව පාලනයක් බිහිකරගැනීම දක්වා අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙනයාමටත් එහි දී වැඩිදුරටත් සාකච්ඡා කර තීරණය කරන ලදි.

ජූලි 18 දක්වා පාසල් වසා ඇති වටපිටාවකත් බොහෝ රාජ්‍ය සේවකයින් ඉන්ධන අර්බුදය හේතුවෙන් නිවෙස් වල සිට රාජකාරිය කරන බැවින් එම වැඩකරන ජනතාවත් ඒකරාශී කරගනිමින් ජූලි 14 සිට රටපුරා හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමටත් තීරණය කරන ලදි.

Leave a Reply

Your email address will not be published.