ජවිපෙ හා මුස්ලිම් කොංග්‍රසය අතර හමුවක්

වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස අතර හමුවක් අද(10) දින රවුෆ් හකීම් මහතාගේ නිවසේ පවත්වා ඇත.

මෙම හමුව සදහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා,ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේඛම් පා.ම. විජිත හෙරත්ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්නි සහ පක්ෂ ලේකම් ජනාධිපති නීති සම්පාදක නිසාම් කාරියප්පර් යන මහත්වරුන් සහභාගී වී ඇත.

මෙහිදී වර්තමාන දේශපාලන තත්වය හා රට මුහුණ දී තිබෙන බරපතල තත්වය ගැන මෙන්ම ඉදිරි දේශපාලන ස්ථාවරත්වය ඇති කර ගැනීම පිළිබදව සාකච්ඡා කොට ඇත.

Leave a Reply

Your email address will not be published.