පළාත් සභා නැතත් හිටපු ලොක්කන්ට දීමනා තවමත්

පළාත්සභා දැනට ක්‍රියාත්මක නොවුණත් ඒවායේ හිටපු සභාපතිවරුන්ට ඉන්ධන දීමනාව ලෙස රුපියල් කෝටි නවය හමාරකට අධික මුදලක් අදටත් වැය කරන බව වාර්තා වෙයි.

හිටපු පළාත් සභා සභාපතිවරුන් කිසිදු වගකීමක් හෝ රාජකාරියක් පැවැරී නැති අතර අඩු වශයෙන් කාර්යාල වලට වත් නොයන බව විගණන පරික්ෂණවලින් අනාවරණය වී ඇත.

මීට අමතරව මෙම පළාත් සභා හිටපු සභාපතිවරුන්ගේ කාර්ය මණ්ඩලයටද පළාත් සභා ක්‍රියාත්මක වූ කාලයේදී මෙන් වැටුප් හා දීමනා ලබාදෙන බව ද අනාවරණය වි ඇත.

හිටපු සභාපතිවරුන්ගේ කාර්ය මණ්ඩලය 10ක් වී ඇති අතර ඔවුන්ගෙන් සිවු දෙනකුට මසකට ඉන්ධන ලීටර් 213 බැඟින් රටේ පවතින ඉන්ධන මිලට අදාලව දීමනා ගෙවනු ලබයි.

වර්ෂ 2018 ඔක්තෝබර් මාසයේදී නිකුත් කරන ලද චක්‍රලේඛයකට අදාලව මෙම ගෙවීම් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published.