කැන්රිච් ෆිනෑන්ස් නව ශාඛාවක් කිරිබත්ගොඩට

පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම සහ පහසු සේවයක් දීම උදෙසා කැන්රිච් ෆිනෑන්ස් පෞද්ගලික සමාගමේ නව ශාඛාවක් කිරිබත්ගොඩ, මාකොල පාරේ ස්ථාපනය කර විවෘත කරන ලදි. වසර 50කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන කැන්රිච් ෆිනෑන්ස් සමාගම පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගැනීමට සමත් වී ඇත. පාරිභෝගිකයන්ට ඉතා විශිෂ්ට සහ විශ්වසවන්ත සේවයක් සැපයීමට කැන්රිච් ෆිනෑන්ස් සමාගම නිරන්තරයෙන් කටයුතු කරයි. නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කැන්රිච් ෆිනෑන්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ/සභාපති ආචාර්ය රවී රත්නායක, අධ්‍යක්ෂ/නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී එරන්ද ගොඩගේ, සහකාර නියෝජ්‍ය සාමාන්‍යධිකාරි සරත් තිලකරත්න, කලාප ප්‍රධානි ආනන්ද ඩයස්, ජ්‍යෙෂ්ඨ කළමනාකාර මනෝජ් වාරියගොඩ සහ ශාඛා කළමනාකාරිනී නදී ජයකොඩි යන මහත්ම මහත්මීහු සහභාගි වූහ. කිරිබත්ගොඩ, කඩවත සහ කැලණිය අවට ප්‍රදේශවාසිීන්ගේ මූල්‍ය සිහින සැබෑ කර දීමට අවශ්‍ය සහයෝගය නොමඳව සැපයීමට කැන්රිච් ෆිනෑන්ස් සමාගම අපේක්ෂා කරයි. මූල්‍ය සේවා සැපයීමේ නව මං පෙත් විවෘත කරමින් පාරිභෝගිකයන්ට අසමසම සේවයක් සැලසීමට කැන්රිච් ෆිනෑන්ස් සමාගම අඛණ්ඩව ක්‍රියා කරයි. කැන්රිච් ෆිනෑන්ස් සමාගමේ විශිෂ්ට සේවා අත්දැකීම අත් විඳීමට පැමිණෙන ලෙස ප්‍රදේශවාසිීන්ට කැන්රිච් ෆිනෑන්ස් කිරිබත්ගොඩ ශාඛාව ආරාධනා කරයි.

Leave a Reply

Your email address will not be published.