ගෑස් නැව අද පස්වරුවේ දිවයිනට

ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත් නෞකාව අද (10) පස්වරු 03 ට පමණ දිවයිනට ළඟා වීමට නියමිතයි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එය දිවයිනට පැමිණීම මෙලෙස ප්‍රමාද වී තිබෙනවා.
ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් කියා සිටියේ හෙට සහ 16 යන දින වලදීත් ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් තවත් නෞකා 02 ක් දිවයිනට පැමිණීමට නියමිත බවයි.
ඒ අනුව මෙම මාසය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 30,000 ක් දිවයිනට ගෙන්වීමටයි සැලසුම් කර ඇත්තේ.
ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා පසුගියදා අදාළ සමාගම් සමග ගිවිසුමක් ද ලිට්‍රෝ සමාගම අත්සන් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published.