අරගලයේ ගැටුම්වලින් 113ක් රෝහල්ගත කෙරෙති

ආණ්ඩුවට එරෙහිව පෙරේදා (09) කළ විරෝධතාව අතරතුර විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් 113 දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර තිදෙනෙක් බරපතළ තත්ත්වයේ පසු වෙති.

කෙසේ වුවද මේ වනවිට පිරිසක් ප්‍රතිකාර ගෙන රෝහලෙන් පිටව ගොස් තිබෙන අතර පුද්ගලයන් 55 දෙනකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි. මෙලෙස තුවාල ලැබූ පුද්ගලයන් අතර මාධ්‍යවේදීන් 11ක්ද වන අතර ඊට අමතරව ආරක්ෂක අංශ සාමාජිකයන් 05 දෙනකු ද වන බව එම වාර්තා සඳහන් කරයි.

වෙඩි වැදීමෙන්, පහර කෑමෙන්, වැටීමෙන් සහ විවිධ අනතුරුවලට ලක්වීමෙන් මේ පිරිස රෝහල් ගතකර ඇත.

Leave a Reply

Your email address will not be published.