පැතුම් නිස්සංකටත් කොවිඩ්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

අද (11) උදෑසන සිදුකළ රැපිඩ් ඇන්ටින් පරීක්ෂණයක දී ඔහුට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන සහ අවසන් දිනය සඳහා පැතුම් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබේ.

ඊයේ (10) දිනය සඳහා තරගය නිමා වන විට සිය පළමු ඉනිම සඳහා ක්‍රිඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06ක් දැවී ලකුණු 431ක් ලබා සිටියේය.

Leave a Reply

Your email address will not be published.