සිදු වුනේ වැරදීමක් : ජනපති රටේ සිටිනවා – කතානායක කියයි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනේ රැඳී සිටින බවත්, BBC පුවත් සේවය සමග සිදුකළ සම්මුඛ සාකච්ජාවේදී තමන්ට ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින 
බවට පැවසුවේ වැරදීමකින් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා තමන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වන බවයි. 

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ආරක්ෂක අංශ ප්‍රධානින් ඇතුළුව රජයේ ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් සමග සාකච්ජාවක් ද පවත්වා ඇති බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published.