නුප්‍රාප්තික ජනාධිපතිධූරයට සජිත්ව ඒකමතිකව යෝජනා කර සම්මත වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා යෝජනා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව යෝජනා ස්තීර කර ගත්තේය.

මේ පිළිබඳව යෝජනාව පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ගෙන ආ අතර පක්ෂයේ සභාපති ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් එය ස්ථිර කරනු ලැබීය.එම යෝජනා ස්ථිරත්වය සමස්ත මන්ත්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කරනු ලැබීය. සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මේ වන විට කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published.