යහපත් අනාගතයක් වෙනුවෙන් ජනතාව පාරට බැහැලා

සාමකාමී විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එල්ල වූ සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ විරෝධතාවලට අදාළව දේපළ හානි කිරීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කර ඒවාට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින දේශපාලන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව සඳහන් කරන අමෙරිකානු තානාපතිනිය වගවීම, විනිවිදභාවය සහ සියලු ශ්‍රී ලාංකිකයන්ට වඩාත් යහපත් අනාගතයක් උදෙසා සෑම තරාතිරකම ජනතාව දහස් ගණනින් වීදිවලට පැමිණ ඇති බව පවසනවා.

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ අවදානම් හා තර්ජනාත්මක මෙන්ම වැදගත් මොහොතක් බව සඳහන් කරන ඇය සමස්ත ජාතියේම යහපත වෙනුවෙන් කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉඩ සලසන්නැයි ද ඒ සඳහා සියලු පාර්ශව සංයමයෙන් සහ ගෞරවයෙන් කටයුතු කරන්නැයි ද ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published.