විදේශීය ත්‍රස්තවාදීහු 82ක් කාශ්මීරයේ

ඉන්දියාවේ බුද්ධි අංශ වාර්තාවකට අනුව ජම්මු කාශ්මීරයේ ක්‍රියාකාරීව සිටින ත්‍රස්තවාදීන් 141 දෙනකු අතර විදේශිකයක් 82 දෙනකු සිටින බව අනාවරණය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සතිය වන විට ආරක්ෂක හමුදාව එම ප්‍රාන්තයේ විදෙස් ත්‍රස්තවාදීන් 34ක් ඇතුළුව 125 දෙනකු නිරායුධ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඊට අමතරව තවදුරටත් ක්‍රියාක්මක වන විදේශීය ත්‍රස්තවාදීන් ඇතුළුව ත්‍රස්තවාදීන් 141 දෙනා අතර ලෂ්කර් ඊ තයිබා, ජායිෂ් ඊ මොහොමඩ් සහ හිස්බුල් මුජාහිඩීන් ත්‍රස්ත සංවිධානවලට අයත් සාමාජිකයන් ද සිටින බව හෙළි වී තිබේ.

කාශ්මීරයේ ක්‍රියාත්මක වන එම ත්‍රස්ත සංවිධානවලට එක් වී සිටින විදේශිකයන් පිළිබඳ තොරතුරු අනාවරණය නොවූවද ඔවුන්ගෙන් බහුතරය ඇෆ්ගනිස්තාන හා පාකිස්තාන ජාතිකයන් විය හැකි බවට අනුමාන කෙරේ. එම වාර්තාවට අනුව පසුගිය ජූලි 5 වැනි දින වනවිට එම ප්‍රාන්තයෙන් ත්‍රස්ත සංවිධානවලට බඳවා ගත් සාමාජිකයන් සංඛ්‍යාව 69ක් බවත්, පසුගිය වසරේදී සාමාජිකයන් 142 දෙනකු බඳවා ගෙන ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published.