අද ජාතික ශෝක දිනයක්

අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ හදිසි අභාවය වෙනුවෙන්.
සියලු ම රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
කෙසේ වෙතත් අද රජයේ නිවාඩු දිනයක් නොවන බවයි ඔහු කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published.