හදිසි ගින්නකින් කරුවලගස්යාය  රක්ෂිතයේ අක්කර පනහක් දැවී වැනසෙයි

මොනරාගල පොලිස් වසමේ කුඹුක්කන කරුවලගස්යාය රක්ෂිතයේ පෙරේදා (10) සවස හටගත් ගින්නකින් අක්කර පනහක් පමණ විනාශ වී ගොස් ඇතැයි පොලීසිය පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වන බල සේනාවේ කුඹුක්කන කඳවුරේ නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇති අතර ඒ වන විටත් රක්ෂිතයේ අක්කර පනහක් පමණ විනාශ වී ඇත.

ඇතැම් පිරිස් මේ දින වල සතුන් දඩයම් කිරීමේ අරමුණෙන් රක්ෂිත ඉඩම්වලට ගිනි තබති.

ඒ පිළිබඳව සැලකිල්ලෙන් සිට තොරතුරු පොලීසියට හෝ ලඟම සිටින වන සංරක්ෂණ නිලධාරීන්ට දැනුම් දෙන ලෙස බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published.