ඉල්ලා අස්වීමේ ලිපියට ජනපති අත්සන තබයි

හෙට දිනය යොදා ජනපති ඊයේ සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන තබයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ දී සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා ඇති බව ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කරයි.

ඔහු ඊයේ අත්සන් තබා ඇත්තේ හෙට, එනම් ජූලි මාසයේ 13 වන දාට දිනය යොදා ඇති ඉල්ලා අස්වීමේ ලිපියකටයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම, හෙට දිනයේ දී කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

ජනාධිපතිවරයා ඊයේ දිනයේ දී රටින් පිටත් ව ගිය බව වාර්තා වූවද, හමුදා ආරක්ෂාව මධ්‍යයේ තවමත් ඔහු රට තුළ රැදී සිටින බව පැවසේ.

Leave a Reply

Your email address will not be published.