‘‘ජනතාව ප්‍රතික්ෂේප කළ පාලකයන් ඉවත් විය යුතුයි‘‘

මේ අභාග්‍ය අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් රටත් ජනතාවත් මුදවා ගැනීම සඳහා ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාටත් රජයටත් අවස්ථා ගණනාවකදී දැනුම් දුන්නත් ඒ කිසිවක් පිළිබඳව ජනාධිපතිවරයා හෝ රජය සැලකිල්ලක් යොමු නොකළ බව මල්වතු – අස්ගිරි මහනා හිමිවරු පැවැසූහ.

ජනපීඩක රජයට එරෙහිව පිටකොටුව බෝධිය ඉදිරිපිට උපවාසයේ යෙදුන උලපනේ සුමංගල හිමියන් ඇතුළු හිමිවරුන්  මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී මහ නාහිමිවරුන් ඒ බව අවධාරණය කළේය .

මහ නාහිමිවරුන් වැඩි දුරටත් පවසා සිටියේ ජනතාව ප්‍රතික්ෂේප කළ පාලකයන් වහාම ඉවත් විය යුතු බවත් මේ අවස්ථාවේ දී ජනතාවගේ සුභ සිද්ධිය සඳහා පාර්ලිමේන්තුවේ සියලු දෙනා එක්සත්ව කටයුතු කළ යුතු බවයි

Leave a Reply

Your email address will not be published.