නෝටන්බ්‍රීජ්හි නාය යාමක්

මධ්‍යම කඳුකරයට පවතින වර්ෂාධික තත්වයත් සමග අද උදෑසන නෝටන්බ්‍රීජ් ඉන්ධන පිරවුම් හලට ඉහළින් පිහිටි කන්දක් නාය යෑමෙන් එම ඉන්ධන පිරවුම් හලේ කොටසකට හානි සිදුව තිබේ.
ඉන්ධන පිරවුම් හලේ ගරාජයේ ගාල්කර තිබූ යතුරු පැදි දෙකක්, ත්‍රීවීල් රථයක් හා භුමිතෙල් පොම්පය මතට මෙම පස් කන්ද කඩා වැටීමෙන් හානි සිදුව ඇති බව නෝටන්බ්‍රීජ් පොලීසිය පවසයි. මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.

Leave a Reply

Your email address will not be published.