බටහිර ව්‍යාපාරවල රහස් සොරකම් කිරීමේ චීන උපක්‍රමයක්

ජාත්‍යන්තර වෙළෙඳ සමාගම්වල ආයතනික රහස් සොරකම් කිරීමට චීනය උත්සාහ දරමින් සිටින බව අමෙරිකාවේ එෆ්බීඅයි බුද්ධි අංශය සහ බ්‍රිතාන්‍ය එම්-15 බුද්ධි අංශය ව්‍යාපාර ප්‍රධානීන්ට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එබැවින් සිය ආයතනික රහස් රැක ගැනීමට අවධානයෙන් පසු වන ලෙස එෆ්බීඅයි අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් රේ සහ එම් -15 බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් කෙන් මැකලම් ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිති.

අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට විශාලතම දිගු කාලීන තර්ජනය එල්ල කිරීමට චීන රජය කටයුතු කරමින් සිටින බව පසුගියදා ලන්ඩන් නුවර පැවැති ව්‍යාපාරික සංසදයකදී එෆ්බීඅයි අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

බටහිර රටවල ආර්ථිකයට තර්ජනයක් එල්ල කිරීමට ප්‍රමුඛතම ව්‍යාපාරික ආයතනවල රහස් ලියකියවිලි අත්පත් කරගැනීමට චීන රජය උපක්‍රමශීලීව කටයුතු කරන බව එම් -15 බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙහිදී අදහස දක්වමින් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.