මැතිසබය 15දා රැස්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් හෙට 13 වැනිදා දින ඉල්ලා අස් වුවහොත් 15 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට ඊයේ (11 වැනිදා) රැස්වූ දේශපාලන පක්ෂ නායකයන් තීරණය කර ඇත.

ඉන් අනතුරුව ලබන 18 වැනිදා නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට අදාළ නාමයෝජනා ඉදිරිපත් කරන අතර විසි වෙනිදා පාර්ලිමේන්තුව රැස්වී නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට අදාළ ඡන්ද විමසීම සිදු කිරීමට ද පක්ෂ නායකයෝ තීරණය කළ බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ 11 වැනිදා’ ‘දිවයින’ට කියා සිටියේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 11 වැනිදා එම නිල නිවසේ දී මෙම පක්ෂ නායක රැස්වීම පැවති අතර ඒ සඳහා පක්ෂ නායකයන් පැමිණීමෙන් සහ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් මෙම විශේෂ පක්ෂ නායක රැස්වීමට එක් වූහ.

Leave a Reply

Your email address will not be published.