අගමැති කාර්යාලය අසල විරෝධතාවයකට කඳුළු ගෑස් ප්‍රහාරයක්

අග්‍රාමාත්‍ය කාර්යාලය අසල විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

විරෝධතාකරුවන් ගාලු මුවදොර අරගල භූමියේ සිට පාගමනකින් මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා ගොස් එම ස්ථානයේ විරෝධතාවයක නිරතව ඇත.

එහිදී ඔවුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කර තිබේ.

Leave a Reply

Your email address will not be published.