කොල්ලකෑම්වලට සම්බන්ධ 8 දෙනෙකු අත්අඩංගුවට

ප්‍රදේශ රැසක ගෙවල් බිදුම් ඇතුළු කොල්ලකෑම් රැසකට සම්බන්ධ අට දෙනෙකුගෙන් යුත් කල්ලියක් යාපනය – කෝපායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 33කට ආසන්න රන් භාණ්ඩ තොගයක් සහ ජංගම දුරකතන, පාපැදි, වතුර මෝටර් ඇතුළු භාණ්ඩ ඊයේ පොලිස් භාරයට ගෙන තිබුණා.
මෙම පිරිස අවුරුදු 25ත් 50ත් අතර වයස්වල පසු වන කොණ්ඩාවිල්, මානිප්පායි, කිලිනොච්චි සහ යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් සම්බන්ධයෙන් විවිධ පොලිස් ස්ථානවලට පැමිණිලි 300කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්ව විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළා.

Leave a Reply

Your email address will not be published.