ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියාවේ ISIS නායක මහර් අල්-අගාල් මරා දැමෙයි

එක්සත් ජනපද ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියාවේ ISIS නායක මහර් අල්-අගාල් මරා දැමූ බව පෙන්ටගනය පවසනවා.
එක්සත් ජනපද ආරක්ෂක අංශ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වයඹ දිග සිරියාවේ තුර්කි දේශසීමාවට ආසන්න නගරයක් වන ජින්ඩාරිස් අසල දී මහර් අල්-අගාල් මියගිය බව සහ තවත් නම් නොකළ ජ්‍යෙෂ්ඨ ඉස්ලාමීය රාජ්‍ය නිලධාරියෙකු බරපතල තුවාල ලැබූ බවයි.
මෙම ප්‍රහාරයෙන් සිවිල් ජනතාව ට කිසිදු හානියක් සිදු නොවූ බවට පෙන්ටගනය සහතික වනවා.
අයි.එස් ත්‍රස්තවාදීන් ඉස්ලාමීය රාජ්‍යය, එහි බලයේ උච්චතම අවස්ථාවෙහිදී, සිරියාවේ සිට ඉරාකය දක්වා වර්ග සැතපුම් 40,000 කට වඩා ප්‍රදේශයක් පාලනය කළ අතර එහි මිලියන 8 කට අධික ජනතාවක් වාසය කළා.
අල්-අගාල් 2020 දී තුර්කි-ආක්‍රමණය කරන ලද ප්‍රදේශයට සංක්‍රමණය වූ අතර ඔහු අන්කාරාවේ පිටුබලය ලබන කණ්ඩායමක් වන ජයිෂ් අල්-ෂර්කියා කන්ඩායමේ සාමාජිකයෙකු ලෙස ව්‍යාජ අනන්‍යතාවයක් ඇති පුද්ගල්‍යෙකු ලෙස සිටි බව අෆ්රින් ප්‍රාදේශීය සභාව පවසනවා.ඇමරිකානු හමුදා වෙතින් අල්-අගාල් ප්‍රහාරය පැමිණෙන්නේ අයි.එස් කණ්ඩායමේ හිටපු නායක අබු ඉබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි සැඟවුණු ස්ථානය එක්සත් ජනපද විශේෂ බලකායේ වැටලීමකදී ඔහුගේ පවුලේ සෙසු අය සමඟ සියදිවි නසා ගැනීමෙන් මාස කිහිපයකට පසුවයි.

Leave a Reply

Your email address will not be published.