කොළඹින් පිටට අද සිට ගෑස්

කොළඹට අමතර ව අනෙකුත් ප්‍රදේශවලට අද සිට ගෑස් බෙදාහරින බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.
එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේ, අද සිට දෛනික ව ගෑස් සිලින්ඩර 50,000 බැගින් බෙදාහරින බවයි.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයට ද අද ගෑස් සිලින්ඩර 40,000ක් බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළා.
මේ අතර තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3725ක් රැගත් නෞකාවක් ඊයේ පස්වරුවේ දිවයිනට ළඟා වුණා.
පසුගිය 10 වනදා ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණි අතර, ඒ අනුව ගෑස් බෙදා හැරීමේ කටයුතු මේ වන විට සිදු වනවා.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල් වෙත ඉන්ධන පැමිණෙන දිනයක් පිළිබද නිශ්චිත තොරතුරු අනාවරණ නොවන පසුබිමක ලංකා අයි.ඕ.සි පිරවුම්හල් අසල පවතින පෝලීම් තවදුරටත් දිගු වී තිබෙනවා.
මේ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල උණුසුම් තත්ත්වයක් හටගත් අතර ඇතැම් මාර්ගවල රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.
එසේම අයි.ඕ.සී. පිරවුම්හල් අසල ඉන්ධන ලබාදෙන තෙක් දිගු පෝලිම් දක්නට ලැබෙනවා.
මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ පස්වරුවේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, තුන්වන ඩීසල් නෞකාව සඳහාද ඉතිරි මුදල් ගෙවා ඇති බවයි.
එමෙන්ම තවත් ඉන්ධන නෞකා හතරක් සඳහා මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය අවශ්‍ය බවද ඔහු එම ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.