ටිබෙට් දේශයට අමෙරිකාවේ සහාය

සුවිශේෂ සංස්කෘතික සම්ප්‍රදායයන් ආරක්ෂා කරගැනීමට ටිබෙට් වැසියන් ගන්නා උත්සාහයට සහයෝගය දෙන බව අමෙරිකාව ප්‍රකාශ කර ඇත. එරට අධ්‍යාත්මික නායක දලයි ලාමාගේ 87 වැනි දිනය නිමිත්තෙන් උපන්දින සුබපැතුම් එක් කරමින් පණිවුඩයක් නිකුත් කළ අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මේ ප්‍රකාශය සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ටිබෙට් ජාතිකයන්ට ඔවුන්ගේ ආගමික නායකයන් තෝරා ගැනීමට ඇති අයිතියට අමෙරිකාව සහාය දක්වන බවත් එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සාමය ප්‍රවර්ධනය කිරීම, අන්තර් ආගමික සහජීවනය දිරිමත් කිරීම සහ ටිබෙට් භාෂාව සහ සංස්කෘතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීමෙන් දලයි ලාමා තුමා ඔහුගේ ප්‍රතිපත්තීන් ටිබෙට් ජාතිකයන්ට පමණක් නොව ලොව සෙසු ආගමික ප්‍රජාවට ද ආදර්ශයක් බව අමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. පසුගිය 6 වැනිදාට යෙදී තිබූ දලයි ලාමාතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් ඔහු දැනට පදිංචිව සිටින ඉන්දියාවේ හිමචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ධරම්සාලා හිදී ද විශේෂ උත්සව රැසක් පවත්වා තිබේ.

Leave a Reply

Your email address will not be published.