සිරියාවට මානුෂීය ආධාර සැපයුම තවත් මාස 6කට දීර්ඝ කෙරේ

උග්‍ර ආහාර අර්බුදයකට මුහුණ පා සිටින සිරියාවට මානුෂීය ආධාර සැපයීම ලබන වසරේ ජනවාරි මාසය දක්වා අඛණ්ඩව සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අවධානය යොමු වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

වයඹ දිග සිරියාවේ ආහාර, ඖෂධ හා වාසස්ථාන ගැටලු ඉතා සංකීර්ණ තත්ත්වයක පවතින බවත්, එරට මිලියන ගණනාවක ජනතාවට අඛණ්ඩව ආධාර සැපයීම අතිශයින්ම වැදගත් පියවරක් බවත් කියමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් 15 දෙනාම එකඟතාව පළ කිරිමට නියමිත බව අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

සිරියාවට ආධාර සැපයීමේ මෙහෙයුම 2014 දී ආරම්භ වූ අතර, පසුගිය වසර කිහිපය තුළ එම මෙහෙයුම් අඩාළ වී තිබිණි.

Leave a Reply

Your email address will not be published.