ඉතිහාසයේ පළමු වතාවට ලෝක රග්බි යූනියන් ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පැමිණීමට ප්‍රංශ රග්බි කණ්ඩායම සමත් වී තිබෙන අතර නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම පළමු වරට අංක 4 දක්වා පහත වැටී ඇත.
නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම 23-12ක් ලෙස අයර්ලන්තය හමුවේ පසුගිය සතියේ පරාජයට පත් වීමත් සමග නවසීලන්තයට මෙම ඉරණම අත්වී ඇත. දකුණු අප්‍රිකානු කණ්ඩායම 13-12ක් ලෙස වේල්සය හමුවේ පරාජය වූ අතර ප්‍රංශය 20-15ක් ලෙස ජපානය පරාජය කිරීමත් නිසා ශ්‍රේණිගත කිරීම්වල ඓතිහාසික වෙනසක් සිදුකරමින් ඔවුන් අංක 1 ස්ථානයට පැමිණීමට සමත් විය.
අයර්ලන්තය මේ වන විට එහි දෙවැනි ස්ථානයේ පසුවන අතර වේල්සය පරාජය කළ දකුණු අප්‍රිකාව තෙවන ස්ථානයේ පසුවෙයි.