කොළඹ ට එන සියලු දුම්රිය නතර කෙරේ

බස්නාහිර පළාත ට ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමත් සමග කොළඹට ඇතුළු වන සියලුම දුම්රිය නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසා සිටියේ, කොළඹ සිටින ජනතාවට තම ගම්බිම් වෙත යෑමට අවශ්‍ය දුම්රිය මේ වනවිට යොදවා ඇති බවය.

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත තුළ ඇඳිරිනීතිය බලාත්මක කර ඇති අතර, දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමටත් වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශ වෙත දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published.