අරගල බි‍මේ තරුණ කණ්ඩායම් 2ක් ගැටෙයි

කොළඹ ගාලු මුවදොර අරගල භූමියේ රැඳී සිටි තරුණ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ සිව් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඊයේ (13) අලුයම ඇතුළත් කර තිබේ. මෝදර සහ වැල්ලම්පිටියේ තරුණ කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇත්තේ අරගල භූමිය නැරඹිමට පැමිණ රැය පහන් කරමින් සිටියදීය.

තුවාල කරුවන් අතර දෙපාර්ශ්වයේම අය සිටින බවත් ඔවුන් වයස අවුරුදු 20ත් 15ත් අතර පසුවන්නන් බව රෝහල් තොරතුරු අනාවරණය කෙළේය. මෝදර පදිංචි තරුණ‍යෝ තිදෙනෙක් සහ වැල්ලම්පිටියේ අයෙක් තුවාලකරුවන් අතර සිටිති. තියුණු ආයුධවලින් එල්ල කළ පහරදීම්වලින් ඔවුන් සියලු දෙනාම තුවාල ලබා සිටින බව රෝහල් තොරතුරු සඳහන් කෙළේය.

Leave a Reply

Your email address will not be published.