ආයතන පරිශ්‍රවලින් ඉවත් වී සාමකාමි බල හුවමාරුවකට ඉඩ දෙන්න

ශ්‍රී ලංකා නීතිඥ සංගමය

අරගලකරුවන් විසින් අත්පත් කරගෙන තිබෙන ආයතන පරිශ්‍රවලින් ඉවත්ව අදාළ අංශ වෙත එම ආයතන වහා භාර දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය අරගලකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි.

සාමකාමී බල හුවමාරුවක් සඳහා දේශපාලන නායකයන්ට ඉඩ සලසන ලෙස ද ඉල්ලීමක් කරන එම සංගමය සාමකාමී උද්ඝෝෂණ අනුමත කරන නමුත් නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී තත්ත්වයන් ඇති කිරීම සඳහා කිසිසේත්ම තම සංගමය සහාය නොදෙන බවද පවසයි.

රජයේ කාර්යාල අල්ලාගෙන විනාශ කිරීමට හෝ දේපොළවලට හානි කිරීමට උත්සාහ කිරීම සාමකාමී විරෝධතාවක් නොවන බව පෙන්වාදෙන ශ්‍රී ලංකා නීතීඥ සංගමය කථානායකවරයා, අගමැතිවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ නායකයන් සහ පුරවැසියන් රටේ වත්මන් තත්ත්වය තේරුම් ගෙන උපරිම වගකීමෙන් සහ පරිත්‍යාගශීලී හැඟීමෙන් කටයුතු කිරීම මේ මොහොතේ අවශ්‍ය බවද පෙන්වා දෙයි. නීතියේ ආධිපත්‍යය බිඳවැටීමට තුඩු දියහැකි තත්ත්වයන් නිර්මාණය වීම වැළැක්වීම සඳහා සද්භාවයෙන් ක්‍රියා කිරීම සියලු පාර්ශවයන්ගේ වගකීමක් බවද එම සංගමය කියා සිටී.

Leave a Reply

Your email address will not be published.