විරෝධතා හේතුවෙන් තුවාල කරුවන් 84ක් රෝහලේ

කොළඹ සහ බත්තරමුල්ල පොල් පොල්දූව මංසන්ධිය අසල වූ විරෝධතාවලින් තුවාල ලැබූවන් 84 දෙනකු මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය

ඒ අතර යුද හමුදා නිලධාරිටයකු,පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ මාධ්‍යවේදීන් දෙදෙනකු හා කාන්තාවන් පස් දෙනකු වන බව ප්‍රකාශකයා කීය

අගමැති කාර්යාලය අසල පැවති විරෝධතාවලින් තුවාල ලැබූවන් හතළිස් දෙදෙනකු සහ බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය අසල පැවති විරෝධතාව අතරතුර තුවාල ලැබූ හතළිස් දෙදෙනකු ඒ අතර වන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.