ගෝඨාභය සිංගප්පූරුවට යාම ප්‍රමාද වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මාලදිවයින් සිට සිංගප්පූරුව බලා යාමට මෙතෙක් නොහැකි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ANI පුවත් සේවය වාර්තා කර ඇත්තේ, සිංගප්පූරු ගුවන් සමාගමකට අයත් SQ437 ගුවන් යානයෙන් ජනාධිපතිවරයා මාලේ සිට සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතව තිබුණ ද ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වූ ගැටලු හේතුවෙන් එය මගහැර ඇති බව ය.

ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මාලදිවයින් සිට ඊයේ (ජූලි 13) රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබුණු බව එම වාර්තා පෙන්වා දී ඇත.

මාලදිවයින් මාධ්‍ය උපුටා දක්වමින් ANI පුවත් සේවය වාර්තා කර ඇත්තේ, ඒ අනුව ජනාධිපතිවරයා මාලදිවයින් සිට පෞද්ගලික ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට සැලසුම් කරමින් සිටින බව ය.

මේ අතර, ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට අදාළ ලිපිය මෙතෙක් කතානායකවරයා වෙත යොමුකර නොමැති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published.