ජනතා අපේක්ෂා ඉටු වන්නේ සාමකාමි බල හුවමාරුවකින් පමණයි

නීතියේ ආධිපත්‍ය තහවුරු කරන ලෙස ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය අවධාරණය කරයි.

ට්විටර් පණිවුඩයක් යොමු කරමින්, තානාපතිනිය සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බවයි.

තානාපතිනිය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ දිගු කාලීන ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය සඳහා කඩිනමින් කටයුතු කරන ලෙසයි.

වගවීම, විනිවිධභාවය,ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ යහපත් හෙට දවසක් සඳහා වන ජනතා ඉල්ලීම් සාක්ෂාත් කර ගත හැක්කේ, ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථාමය රාමුව තුළ සාමකාමී බල හුවමාරුවකින් පමණක් බව ද ජූලි චන්ග් මහත්මිය අවධාරණය කර සිටී.

Leave a Reply

Your email address will not be published.