බ්‍රිතාන්‍ය අගමැතිධුරයට අපේක්ෂකයෝ 8ක්

බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට තේරී පත් වෙමින් එරට මීළඟ අගමැතිවරයා වීම සඳහා අපේක්ෂකයන් අටදෙනකු ඉදිරිපත් වී සිටින බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය. මීට පෙර කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට තරග කරන බව ප්‍රකාශ කළ එරට සෞඛ්‍ය ඇමැති සජිඩ් ජවිඩ් ඉන් ඉවත් වීමට තීරණය කර ඇතැයිද වාර්තා වේ. මීට අමතරව එරට කනිෂ්ඨ ඇමතිවරයකු වන රෙහ්මාන් චිෂ්ටි ද සිය අපේක්ෂකත්වය ඉවත් කරගෙන සිටී.

ඉතිරි අපේක්ෂකයන් අතුරින් කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට තරග කිරීමට නියමිත අයට ඒ සඳහා අවම වශයෙන් මන්ත්‍රීවරුන් 20 දෙනකුගේ සහාය ලබාගැනීමට සිදු වනු ඇතැයි ද වාර්තා වේ. බ්‍රිතාන්‍ය වෙළෙඳ ඇමැතිනි මෝඩියුන්ට් ද ඒ අතර සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වෙතත් අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව දෙදෙනකු බවට පත් කිරීමට මන්ත්‍රීවරුන් අතර තවත් ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති අතර, අනතුරුව ලබන සැප්තැම්බර් මස 5 වැනිදා අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published.