යුපුන් අද ලෝක තරග බිමේ

අමෙරිකාවේ ඉයුජින්හිදී ආරම්භ වන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 7. 20ට තරග බිමට පිවිසෙයි. මීටර් 100 මූලික වටයේ තරගවටයට එක්වන යුපුන් සුදුසුකම් ලබාගෙන අවසන් වූර්ව වටයේදී හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6. 30ට තරග බිමට පිවිසීමේ අපේක්ෂාවෙන් සිටී.

මීටර් 100 අවසන් තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.20ට පැවැත්වීමට නියමිතය. යුපුන් අබේකෝන් මෙම ඉසව්වේ මේ වසරේ ආසියාවේ ක්‍රීඩකයෙකු දැක්වූ ඉහළම දක්ෂතාව වාර්තා කරමින් ස්ව්ට්සර්ලන්ත අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගයේදී තත්පර 9.96ක කාලයක් වාර්තා කරමින් පළමු ස්ථානයට පත් විය. ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී නිලානි රත්නායක සහභාගී වන මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ මූලික වටයේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 11.05ට ආරම්භවන අතර ගයන්තිකා අබේරත්නගේ මීටර් 800 ධාවන ඉසව්වේ මූලික වටය 21වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 5.40ට පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published.