දළදා මැඳුරේ දෛනික තේවා අස්ගිරි පාර්ශ්වයට පැවරෙයි

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා දළදා මැදුරේදී සිදු කෙරෙන දෛනික තේවා කටයුුතු පෞරාණික චාරිත්‍රානුකූලව මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් අස්ගිරි මහා විහාර පාර්ශ්වය වෙත පැවරීම ඊයේ (14) සිදු කෙරිණි.

සෑම වසරකම තේවා මාරුව ඇසළ පුන් පොහෝ දිනට පසුදින සිදු වන අතර තේවා මාරුව සිදු වන අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඤාණරතන නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය දළදා මාලිගාවට පිවිසුණු අයුරු..

Leave a Reply

Your email address will not be published.