විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවයි

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (15) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

අද උදෑසන 10ට මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කරයි

මෙම  රැස්වීම පිළිබඳ සියලු පක්ෂ නායකයින් දැනුවත්කර ඇති අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් ද ඊට සහභාගි වීමට නියමිතව ඇත.

මෙම හමුවේ දී අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ එකඟතා පිළිබඳ සාකච්ඡා කිරිම  ප්‍රධාන වශයෙන් අරමුණු කර ගෙන තිබෙයි.

ඒ අනුව වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මෙහිදී අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බවය.

Leave a Reply

Your email address will not be published.