අනුර කුමාරත් ජනපති සටන‌ට

ජනාධිපති ධුරය සඳහා ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

එම පක්ෂ මූලස්ථානයේ අද(16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

මේ වනවිට පුරප්පාඩු වී තිබෙන විධායක ජනාධිපති ධූරය සඳහා තමන් තරග කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත. 

එසේම හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් ද ජනාධිපති ධූරයට තරග කරන බවයි.

Leave a Reply

Your email address will not be published.