කෙනඩි ජෝන් වික්ටර් හෙවත් වික්‍රම් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් කොලිවුඩ් රංගන ශිල්පියෙක්. ඔහුගේ විශිෂ්ට රංගනයෙන් යුතු නුදුරේදීම තිරගත වීමට නියමිත සිනමාපටය “ කෝබ්රා” ලොව පුරා රටවල් එකොළහක ප්‍රදර්ශනය වීමට සමගාමීව ශ්‍රී ලංකාවේ ද ප්‍රදර්ශනය වීමට නියමිතය. “කෝබ්රා” අධ්‍යක්ෂණය තිබෙන්නේ ආර්. අජේ ඥානමුත්තු විසිනි.
මේ වන විට කෝබ්රා සිනමාපටයේ එන “ධීරා” ගීතය එළිදැක්වීමෙන් දින දෙක තුනක් තූළ ලොව පුරා සිනමා ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයක් අත්කරගෙන ඇත. ධීරා සංගීතවත් කර තිබෙන්නේ සම්මානනීය සංගීත අධ්‍යක්ෂක ඒ.ආර්. රහමාන් විසිනි. ඉෆාන් පතාන්, ශ්‍රීනිධි සෙට්ටි, මියා ජෝර්ජ්, රෝෂාන් මැතිව් ඇතුළු ජනප්‍රිය ශිල්පීන් රැසක් “කෝබ්රා” සඳහා රංගන දායකත්වය සපයා ඇත.
තිස්ස