ලොව වඩාත් මිල අධික ගස

ගසෙහි එල්ලා මුතු, දිළිසෙන රත්රන්, දීප්තිමත් දියමන්ති හා අනෙකුත් විවිධ සැරසිලි ගසට අගයක් එක්කිරීමට උත්සාහ ගැනීමකි. ලොව වඩාත් මිල අධික ගසට වෙනස් අගයකි. එහෙත් එම මුදල සාප්පුවට හිමිවී තිබේ.

යුගයක් පුරා මෙම මිල අධික ගස ගොඩනගා තිබුණේ සුඛෝපභෝගී හෝටලයක ආලින්දයේ නොවේ. අනෙක් අයගේ නෙත් වසඟයට පත්කිරීමට නොවේ. එහෙත් මෙම ගස ස්ථානගතවී තිබුණේ කුඩා පාළු කඳු මුදුනක් මතය. එය යෙරුසෙලමට පිටතින් පිහිටා තිබුණි. එය වඩාත් දිස්වූයේ පොල්ලක් නැතිනම් කුරුසියක් ආකාරයෙනි. සැබෑ ගසක ස්වරූපයෙන් නොවේ. ඔබ කෙලෙසින් එය දුටුවත් කමක් නැත. ස්වාභාවික ඇසට එහි ප්‍රීතිය සතුට උපදවන කිසිවක් තිබුණේ නැත.

කෙටියෙන් කිවහොත් මිනිස් ප්‍රචණ්ඩත්වයේ සියලුම සලකුණු මෙම ගස මත තිබුණි. මතුපිට කිසිදු සියුම් බවක් දැකගැනීමට නැත. එම ස්ථානය පසුකර ගමන් ගත් පිරිස අවඥා සහගතව උසුළු විසුළු කරමින් ගියහ. ලොව වඩාත් මිල අධික ගස බොහෝ දෙනකුට කිසිදු වටිනාකමක් නොවීය.

අසීමිත වටිනාකම

ගසේ දැවය ඊට වටිනාකමක් ගෙන නොදේ. මිහිතලයේ වහලේ එල්ලී සිටීම ඊට වටිනාකම ළඟාකර දුනි. ඒ ගස මත එල්ලී තිබූ දේ අසීමිත අගයක් ගෙනාවේය. එම අගය දියමන්ති, රන් හා රිදීවල අගයටත් වඩා වැඩිය. ඒ ගැන සිතෙන විට නෙතට කඳුළු ගලා එයි. තළා පොඩිකර, හිංසාවට පත් මිනිසකු එම ගසෙහි එල්ලනු ලැබිණ. ඔව්! කුරුසිපත් කිරීමෙන් බලවත් අපරාධකරුවන් ඝාතනය කිරීම රෝමානු ක්‍රියාමාර්ගයකි. එහෙත් මෙම මිනිසා අහිංසකයෙකි. හෙතෙම සර්ව සම්පූර්ණ මිනිසකු විය. මොහුගේ ඇඳුම ගලවා ඉවත් කෙරුණි. නිරුවත් කයට පහර දීම නිසා පිටුපස පැළී තිබුණි. මිනිස්සු නොනවත්වා ඔහුගේ මුහුණට කෙළ ගැසූහ. මිට මොලවා මුහුණටත් පිටටත් පහර දුන්හ. බිලී පිත්තකින් හිසට පහර දී ඇස් අන්ධ කළහ. බලවත් අපරාධකරුවන්ට හිමි දඬුවම අවසානයේදී මෙම පුද්ගලයාට ද අත්දකින්නට සිදුවිය. ඔවූහු ඔහුගේ අත් පා කුරුසියක තබා ඇණ ගැසූහ. මෙයයි කුරුස ගස, එම කුරුසි ගස මත මැරෙන්නට ඉන්පසු ඉඩ හැරියහ.

එතුමන්ගේ නම යේසුස්ය.

එතුමන්ට දුන් වධ වේදනා මැද එතුමන්ගේ තොල්වලින් කිසිදු තර්ජනාත්මක වදනක් පිටවූයේ නැත. ඇස්වලින් කෝපයෙන් බැල්මක් හෙළුවේ නැත. එහෙත් තිබුණේ ප්‍රේමය පමණි. එම ගසෙහි සිටිමින් එතුමා දෙව් පියාණන්ට යාච්ඥා කළහ. පැවසුවේ “පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව” යන වදන් පමණි.

ඔබ එම ගස පිළිබඳව මීට වඩා යමක් දැනගත යුතුයි. එතැනදී දෙවි සමිඳුන් යේසු සමිඳුන් පිට මහත් බරක් තැබූහ. අප වෙනුවෙන් මරණයට පත්වීම සඳහා එතැන තැබූහ. අප වෙනුවෙන් පූජාවීමටයි එසේ කළේ. මෙහිදී යේසු සමිඳුන් දෙවි සමිඳුන්ගේ උදහස හා විනිශ්චය අපගේ පාප වෙනුවෙන් තිබූ නිසා ඒ වෙනුවෙන් එතුමාම පූජාවීමට කැමති වූහ. “අප වෙනුවට පාපය වෙන්ට දෙවි සමිඳුන් සැලැස්වූහ.” – 2 කොරින්ති 5:20-21

Leave a Reply

Your email address will not be published.