සෞදි අරාබියේ දෙදින සංචාරයක නිරත ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මුණ ගැසී තිබෙනවා. මීට පැය කිහිපයකට පෙර එම හමුව ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ මාළිගාවේදී සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරයෙකු සෞදි අරාබියේ සිදුකරන පළමු සංචාරය මෙය වනවා.
මෙම හමුවේදී බලශක්ති සැපයුම, මානව හිමිකම් සහ ආරක්ෂක සහයෝගීතාවන් සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබුණා.
එමෙන්ම රුසියා – යුක්රේන ගැටුම සම්බන්ධයෙන්ද අවධානය යොමු වූ අතර, 2018 වසරේදී ඝාතනය වූ මාධ්‍යවේදී ජමාල් කෂෝගි සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
2022-07-16