රන්ජන්ට නිදහස ?

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සඳහා සියලු කටයුතු සම්බන්ධීකරණය කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට උපදෙස් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් වැඩබලන ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව වැඩබලන ජනාධිපතිවරයා අධිකරණ ඇමතිවරයාට අදාළ උපදෙස් ලබා දී ඇත.

මෙහිදී වැඩබලන ජනාධිපති වරයා  පවසා ඇත්තේ අවශ්‍ය ලිපි ලේඛන සකස් කොට නීතිපතිවරයාට සහ අගවිනිසුරුවරයා ට බාර දෙන ලෙසයි.

ඒ අනුව ඉතා කඩිනමින් රන්ජන් රාමනායක මහතාට නිදහස ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published.