පාර්ලිමේන්තුව අවට දැඩි සෝදිසියක්

පාර්ලිමේන්තුව අද උදේ 10.00ට රැස්වීමට නියමිතව ඇති හෙයින් ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාව පොලිස් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසියේ දහසකට ආසන්න පිරිසක් ඒ සඳහා යොදවනු ලැබ සිටිති.

පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ගවල ආරක්ෂක මුර කපොලු ගණනාවක්ද පිහිටුවනු ලැබ පරීක්ෂා කිරීම්ද වැඩි කර ඇත.

Leave a Reply

Your email address will not be published.