රනිල් වැඩ බලන ජනපති වීම අරගලයේ අපේක්ෂා සමග පෑහීමක් නෑ – පුබුදු ජයගොඩ

රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වීම අරගලයේ අපේක්ෂා සමග පෑහීමක් නැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (15 දා) පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව කීය.

ලබන විසි වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දීමට සිතන්නේ නම් එය ඔවුන් ඔවුන්ගේ දේශපාලන අනාගතය විනාශ කරගැනීමක් යැයි ද හෙතෙම පැවසීය.

ජයගොඩ මහතා මෙසේද කීවේය.

පොහොට්ටුවේ මන්ත්‍රීලා අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකෙ යන්න හිතුවොත් ඔවුන්ව බිමට වැටෙනවා. ඒක ඔවුන් තේරුම් ගත යුතුයි. පොහොට්ටුවට මේ වෙලාවේ ඔළුවක් නෑ. ඒකයි අපි මතක් කරන්නේ.

දේශපාලන අර්බුදය විසඳන්න නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් අතර සම්මුතියක් ඇතිකර ගත යුතුයි. ඒ වගේම එම පක්ෂ නායකයින් එළියෙ ජනතාව සමඟ සම්මුතියකට ඇතිකර ගත යුතුයි. එසේ නැතිව රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. රනිල් හරහා වෙන්නේ රටේ තවත් දේශපාලන නොසන්සුන්තාවක් ඇති වීම පමණයි. අරගලකරුවන්ගේ යෝජනාවලිය සමග සම්මුතියකටවත් ආපු නැති රනිල් වික්‍රමසිංහට ප්‍රශ්න විසඳන්න බෑ. දියවන්නාව කියන බූත බංගලාවේ මොන දේවල් වුණත් පාර්ලිමේන්තුවෙන් පිටත රටේ ජනතාගෙන් කිසිම අයෙක් රනිල් ජනපති හැටියට

පිළිගන්නේ නැති බව අපට විශ්වාසයි. රනිල් විවස්ථාව පෙන්න දෙන්නෙක් එකට වැඩක් නෑ. ව්‍යවස්ථානුකූලව අගමැති වෙන්න ඔහුට ජනවරම නෑ.

Leave a Reply

Your email address will not be published.