ආර්ථික අර්බුදය මැද ඉතාලියේ සන්ධාන ආණ්ඩුව බිඳවැටෙයි

පශ්චාත් කොවිඩ් තත්ත්වයට සාර්ථකව මුහුණ දීමට සහ ආර්ථික අර්බුදයෙන් රට බේරාගැනීමට නොහැකි වීම හේතුවෙන් මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ඉතාලියේ සන්ධාන රජය බිඳ වැටුණු බව ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසරේ පෙබරවාරියේදී අගමැති මාරියෝ ඩ්‍රැගී සමග එක්ව සන්ධාන රජයක් පිහිටුවා ගත් එරට ෆයිව් ස්ටාර් දේශපාලන ව්‍යාපාරය රජයෙන් ඉවත්වීමට තීරණය කර ඇත. ඊයේ අගමැතිවරයාට විශ්වාසය පළ කිරිමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතව තිබූ බවත්, ෆයිව් ස්ටාර් දේශපාලන ව්‍යාපාරය අගමැතිවරයාට සහය දීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

සන්ධාන රජය බිඳ වැටීමෙන් පසු ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රැගි සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලාට ඉදිරිපත් කළ ද ඔහු එය ප්‍රතික්ෂේප කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. පශ්චාත් කොවිඩ් වසංගතයට නායකත්වය දීමට සහ රට අස්ථාවරත්වයෙන් බේරා ගැනීමට නොහැකි වීම පිළිබඳ පාර්ලිමේන්තුවට උත්තර බඳින ලෙස ජනාධිපතිවරයා අගමැතිට ප්‍රකාශ කර ඇති බැවින් ලබන සතියේදී අගමැතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව වැඩි දුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.