වැල්ලවාය – මොනරාගල ප්රධාන මාර්ගයේ බුත්තල කුඩාඔය ප්රදේශයේ දී වෑන් රථයකට යට වූ ගැබිණි මවක සහ ඇගේ සැමියා එම ස්ථානයේම මියගොස් ඇතැයි බුත්තල පොලිසිය කියයි.
පාගමනින් ගිය අඹුසැමියන් යුවළ මෙසේ මියගොස් ඇතැයි පොලිසිය පවසසයි. ගැබිණි මව ඇගේ දරුවා ප්රසූත කිරීමට තවත් දින දෙකක් පමණ තිබූ බව ද පවුලේ ආරංචි මාර්ග කියයි.
ඔවුන් යටකළ වෑන් රිය නොනවත්වාම ඉදිරියට ධාවනය කර ඇති අතර පසුව එය කුකුරන්පොළ ප්රදේශයේ සඟවා තිබියදී හමුවූ බව ද පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධියත් සමග සැකකාර රියාදුරා වහා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ප්රදේශවාසීහු පිරිසක් වැල්ලවාය – මොනරාගල මාර්ගය බුත්තල ප්රදේශයෙන් වසා විරෝධතාවක නිරතව සිටිති. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇත