LPL තරගාවලිය කල්දැමේ

ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි කල් දමා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. 

ඒ අනුව 2022 අගෝස්තු 1 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. 

රටෙහි වත්මන් ‘ආර්ථික තත්ත්වය’, තරඟාවලිය පැවැත්වීම සඳහා හිතකර නොවන බව සඳහන් කරමින් තරගාවලියේ හිමිකම් දරන්නා වන Innovative Production Group FZE (IPG) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය T20 තරඟාවලිය වන LPL 2022 තරඟාවලිය 2022 අගෝස්තු 1 වන දින 2021 වසරේ අනුශූරතාව හිමිකරගත් Galle Gladiators සමග වත්මන් ශූරයන් වන ජැෆ්නා කිංග්ස් සමගින් ආරම්භ වීමට නියමිතව තිබුණි.

සමස්තයක් වශයෙන්, තරඟාවලිය තුළ තරඟ 24 ක් ක්‍රීඩා කරනු ලබන අතර, පළමු වටයේ තරඟ 20 ක් සහ අවසන් තරඟ ඇතුළුව අවසන් වටයේ තරඟ 4 ක් පැවැත්වේ.

පළමු තරඟ 14 කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ අතර තරඟාවලිය 2022 අගෝස්තු 13 වන දින සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී වෙත යාමට නියමිතව තිබුණි.

Leave a Reply

Your email address will not be published.