‘ජාතික ඉන්ධන බලපත්‍රය’ට ලියාපදිංචිවීමේදී පැවති තාක්ෂණික දෝෂ නිරාකරණය කෙරේ

‘ජාතික ඉන්ධන බලපත්‍රය’ සඳහා ලියාපදිංචිවීමේදී පැවති තාක්ෂණික දෝෂ මේ වනවිට නිරාකරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එහි ආරම්භක මොහොතේදී බොහෝ පිරිසක් එකවර ලියාපදිංචිවීමට උත්සාහකිරීමත් සමග අදාළ මෙවලම භාවිත කිරීමේදී යම් යම් තාක්ෂණික දෝෂ ඇතිව තිබුණි.

ජනතාවට මින් ඉදිරියට ඉන්ධන නිකුත්කිරීම සඳහා ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ක්  නිකුත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඊයේ (16) පියවර ගත්තේය.

www.fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස අදාළ ලියාපදිංචිවීම සිදුකළ හැකිය.

අදාළ මෙවලම හඳුන්වා දුන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය  සහ අනෙකුත් ආයතන එක්ව මේ වන විට එහි පැවති දෝෂ නිරාකරණය කර වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.