ශ්‍ර්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජංගම ඉන්ධන හලක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජංගම ඉන්ධනහලක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති, මෙම ජංගම ඉන්ධනහල මාර්ගයෙන් ත්‍රිරෝද රථ සහ ජෙනරේටර් සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරන්නේ.

ඉදිරියේ දී මෙම ජංගම ඉන්ධන හල් මගින් ත්‍රී රෝද රථ, බයිසකල් සහ කෑන් වෙත ඉන්ධන නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ

ඉන්ධන පිරවුම්හල්වලින් දුරස්ථව විවෘත ස්ථානවල සිට මෙලෙස ජංගම ඉන්ධන බෙදාහැරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.