සිපෙට්කෝ ඉන්ධන පෝලිම්වල ඉන්න අයට දැනුම්දීමක්

ඉන්ධන නෞකා දිවයිනට පැමිණිය ද ජාතික ඉන්ධන අවසර පත් ක්‍රමවේදය ක්‍රියාත්මක කරන තෙක් අද සිට සිපෙට්කෝ පිරවුම්හල් අසල පෝලිම්වල රැදී සිටීමෙන් වළකින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර දැනුම් දෙනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අවසරපත් ක්‍රමවේදය සක්‍රියව ක්‍රියාත්මක වන තෙක් ලංකා අයි.ඕ.සී පිරවුම්හල්වල දැනට පවත්නා ක්‍රමවේදය ඉදිරියටත් ක්‍රියාත්මක බවයි.
ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබාගැනීමට අද සිට ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා.
ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ www.fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ලියාපදිංචිය සිදුකර ගත හැකි බවයි.
ජාතික ඉන්ධන අවසර පත් සඳහා ලියාපදිංචි වීමට අද සිට අවස්ථාව සැලසෙන අතර, ඒ අනුව විශාල පිරිසක් එම වෙබ් අඩවියට ඇතුළත් වීමත් සමග එහි ක්‍රියාකාරිත්වයට ද බාධා මතුවුණා.
කෙසේ වෙතත්, ක්‍රමක්‍රමයෙන් එම කටයුතු යථාවත් කෙරෙන බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අවසරපත් ක්‍රමවේදය සක්‍රියව ක්‍රියාත්මක වන තෙක් ලංකා අයි.ඕ.සී පිරවුම්හල්වල දැනට පවත්නා ක්‍රමවේදය ඉදිරියටත් ක්‍රියාත්මක බවයි.
මේ අතර, වාහන ලියාපදිංචි අංකයේ අවසන් අංකය අනුව නිෂ්චිත දින දෙකකදී ඉන්ධන ලබා ගැනීමට මෙම අවසර පත් ක්‍රමවේදය හරහා අවස්ථාව සලසා දෙන බව ද බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මෙම ලියාපදිංචි කටයුතු අවසන් වනතුරු සිපෙට්කෝ පිරවුම්හල් අසල පෝලිම් ගැසීමෙන් වළකින ලෙසයි අමාත්‍ය කංචන විජේසේකර ඉල්ලා සිටියේ.
මේ අතර මෙරටට අද දිනයේ පැමිණිමට නියමිතව තිබු පළමු ඩීසල් තොගය මේ වනවිට ලැබි ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.
සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ඉන්ධන නෞකා 03 ක් දිවයිනට ළඟාවීමට නියමිතව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කළා.
මෙට්‍රික් ටොන් 40000 බැගින් අඩංගු ඩීසල් නෞකා දෙකක් සහ මෙට්‍රික් ටොන් 41000 ක ඩීසල් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බවයි එම සංස්ථාව නිවේදනය කළේ.
එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් මෙට්‍රික් ටොන් 35000 ක් රැගත් නෞකාවක්ද හෙට දිවයිනට ළඟා වීමට නියමිතයි.
ඒ අනුව මෙරටට අද දිනයේ පැමිණිමට නියමිතව තිබු පළමු ඩීසල් තොගය මේ වනවිට ලැබී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළා.
ඒම ඩීසල් තොගය අද අලුයම කොළඹට පැමිණි බවත් මේ වනවිට එහි තත්ත්ව සාම්පල පරීක්ෂා කෙරෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
එමෙන්ම දෙවැනි ඩීසල් තොගය ද අද දිනයේ පැමිණෙන බවයි බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
පළමු වෙනි පෙට්‍රල් තොගය ද ජුලි 18 – 19 යන දෙදින තුළ මෙරටට පැමිණීමට නියමිතයි.
එමෙන්ම අදාළ නෞකා තුන සඳහාම අවශ්‍ය කරන ගෙවීම් කටයුතු සිදු කර අවසන් බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published.