දියවැලකට හසු වූ සංචාරකයන් දෙදෙනෙකු බේරා ගනී

හික්කඩුව පන්නංගොඩ මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දියවැළකට හසුවී ගසාගෙන ගොස් සිටි රුසියානු ජාතිකයින් දෙදෙනකු ඊයේ (17) රාත්‍රී හික්කඩුව පොලිස් ජිවිතාරක්ෂක නිලධාරීන් හා නාවික  හමුදාවේ ජිවිතාරක්ෂක නිලධාරින් එක්ව බේරාගෙන ඇත.

මෙසේ බේරාගත් රුසියානු ජාතික විදේශකයින් දෙදෙනා වයස අවුරුදු 27  හා 29 වැනිවියේ පසුවෙති. මොවුන් දෙදෙනා හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නතරව සිට ඇත. 

ඊයේ පස්වරුවේ  දියනෑම සදහා හික්කඩුව  පනංගොඩ මුහුදු තිරයට පැමිණ ඇත. මුහුදු තිරයේ දියනාමින් සිටියදි දියවැළකට හසුවී මොවුන් දෙදෙනා මිටර් 800ක් පමණ ගැඹුරු මුහුදට  ගසාගෙන ගොස් තිබේ.

හික්කඩුව පොලිසියට අනුයුක්තව පොලිස් ජිවිතාරක්ෂක  ඒකකයේ  නිලධාරින් හා  නාවික හමුදා ජිවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් විසින් ජිවිතාරක්ෂක බෝට්ටුවක් ආධාරයෙන්  මෙම විදේශිකයින් දෙදෙනා බේරාගැනීමට කටයුතු කර ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.